අපි හැමෝටම පරිගණකයක් භාවිතා කරද්දි විවිද
අවශ්‍යතා එනවා.ඒවගේ අවශ්‍යතාවයක් තමා අපිට
ඕනෙ රහසිගත දේවල් අනුන්ගෙන් රැක ගන්න
එක.ඒකට අපි විවිධ සොෆ්ට්වෙයා පාවිච්චි කරලා
අපේ ෆෝල්ඩර්ස් ලොක් කරගන්නවා.හැබැයි අද මම
ඔයාලට දෙන්න යන්නෙ ඒ සොෆ්ට්වෙයා එකක්නම්
නෙමෙයි මම අද කියල දෙන්න යන්නෙ අපිම තනිම්
සොෆ්ට්වෙයා නැතුව ෆෝල්ඩර්ස් ලොක් කරගන්න
විදිහක් .හරි ලේසී මේ පියවර අනුගමනය
කරන්නකෝ..
- මුලින්ම notepad එකක් විවෘත කරගන්න.
- ඊට පස්සෙ පහල කෝඩ් ටික ඒකට කොපි
- කරගන්න.
cls
@ECHO OFF
title Folder Private
if EXIST "HTG Locker" goto UNLOCK
if NOT EXIST Private goto MDLOCKER
:CONFIRM
echo Are you sure you want to lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Private "HTG Locker"
attrib +h +s "HTG Locker"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to unlock folder
set/p "pass=>"
if NOT %pass%== PASSWORD_GOES_HERE goto FAIL
attrib -h -s "HTG Locker"
ren "HTG Locker" Private
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Private
echo Private created successfully
goto End
:End
- ඊටපස්සෙ save as ගිහින් All files select කරලා නම විදිහට Locker.bat කියල දීලා සේව් කරගන්න.
- හරි දැන් ඉතින් අන්තිම ටිකට අපි ඇවිල්ලා ඉන්නෙ,දැන් අර සේව් කරගත්තු .bat file එක ඕපන් කරගන්න,එතකොට Private කියල ෆෝල්ඩර් එකක් ඕපන් වෙයි,අන්න ඒ ෆෝල්ඩර් එක ඇතුලට ඔයාලට ලොක් කරගන්න ඕනෙ ෆයිල් ටික කොපි කරගන්න.
- කොපි කරගෙන ආයෙ අර .bat file එක රන් කරගන්න.
- එතකොට මෙන්න මෙහෙම අහයි "Are you sure you want to lock the folder<Y/N>"
- ඒකට "Y"කිය ටයිප් කරල එන්ටර් කෙරුවහම අර private කියන ෆෝල්ඩර් එක පේන්නෙ නැතුව යයි.
- ඊට පස්සෙ ඉතින් Locker.bat run කරනකොට අර ෆෝල්ඩර් එක ඔපන් කරන්න ඕනෙ නම් පාස්වර්ඩ් එක ඉල්ලයි!ඔයා පාස්වර්ඩ් එක හරියට දූන්නොත් විතරක් private කියන ෆෝල්ඩර් එක පෙන්නයි නැත්නම් ඉතින් ඒක පෙන්නන්නෙ නෑ !


6 comments
Write commentsela ela
Replyelas
Replyමේ ලෝකෙ තියන කිසිම පද්ධතියක් 100% ආරක්ෂිත නෑ.අන්න ඒක මේ සොෆ්ට්වෙයාර් එකටත් බලපානව."Locker.bat" file එක උඩ right click කරල Edit click කරපු ගමන්ම අපිට අර කෝඩ් එක පෙන්නනවා.ඒ කෝඩ් එකෙ "if NOT %pass%==" කියන එක ඉස්සරහ අපි දීපු පාස්වර්ඩ් එකත් පෙන්නනව.එත් කවුරුහරි කෙනෙක් කෙලින්ම අපේ ෆයිල් වලට ඇතුල් වීම වළක්වන්න විතරක් මේ ක්‍රමය සාර්ථකයි.
Replybat file eka uda right click krala -> properties -> Tick the "Read Only" and "Hidden" check boxes. then view -> "Hidden Items" kiyana check box ekath tick kalanam tikak hari durata hide kranna puluwan. but danna ekaa kohomath dannawa unlock kranna.
Reply