Advertisement

Block කරලා තියන ඕනිම Website එකකට රිංගමු...

ඔයාලා හැම කෙනෙක්ටම ලිපිනයක් තියනවානෙ නේද? කෙනෙක්ගෙ ලිපිනය අපි දන්නවා නම් අපිට පුලුවන් එයාව මුන ගැහිලා කතා බහ කරලා දැන හඳුන ගන්න. ඉතින් මේක දන්න අයත් ඇති. නමුත් දන්න පිරිසට වඩා නොදන්න පිරිස වැඩියි කියලා මට හිතෙන නිසා මේක ඔයාලට දෙන්න හිතුනා. අපි ඉන්ටර්නෙට් බාවිතා කරනවා නම් අපිටත් මේ වගේ ඉන්ටර්නෙට් එකේ ලිපිනයක් ලැබෙනවා. මේකට කියන්නෙ IP Address (eg : 199.255.209.70) එක කියලා. ඔයාලටත් ඔයාලගේ මේ මොහොතේ IP Address එක මොකක්ද කියලා බලාගන්න ඕන නම්මෙතනින්   හෝමෙතනින් යන්න. 
ලංකාවෙ නම් මේ ලිපිනය එක එක වෙලාවට වෙනස් වෙනවා කියලා කියනවා. සමහරු කියනවා SLT කියන අන්තර්ජාල සම්බන්දතාව බාවිතා කරන සෑම කෙනෙක්ටම තියෙන්නෙ එකම IP ලිපිනය කියලා. මම නම් ඒක හරියටම කියන්න දන්නෙ නෑ. හරි අපි බලමු මොකද්ද මේ IP ලිපිනයෙ තියෙන වැදගත් කම කියලා. ඔයාලා අන්තර්ජාලයෙ සැරිසරන කොට ඔයාලා එක එක වෙබ් අඩවි වලට ගමන් කරනවා. ඉතින් මේ වෙබ් අඩවිවලට පුලුවන් ඔයා මොන රටෙන්ද මේ වෙබ් අඩවියට ආවේ ඒ කියන්නෙ ඔයා මේ මොහොතෙ ඉන්නෙ කොතනද කියලා හොයා ගන්න. තව ඔයා බාවිතා කරන අන්තර්ජාල සම්බන්දතාවය මොකක්ද කියන එක පවා හොයාගන්න පුලුවන්. ඔයා කෙනෙක්ගෙ IP ලිපිනය දන්නවා නම් එයාගේ අන්තර්ජාල සම්බන්දය ලබා දීපු ආයතනයට මේක දිලා ඔයාලට පුලුවන් මේ IP ලිපිනය අයිති පුද්ගලයගෙ විස්තර ලබා ගන්න. දැන් සමහරුන්ට හිතෙයි අපි කාගේ හරි IP එක හොයා ගෙන මොබිටෙල් එකට හරි ඩයලොග් එකට හරි වෙන මොකක් හරි එකකට දුන්නම අපිට විස්තර දෙයි කියලා. එහෙම නෑ. ඒකට නීතිමය අවසරය අරගෙන තියෙන්න ඕන. තව දෙයක් කියන්න ඕන ඒ තමයි කිසියම් කෙනෙක්ගෙ IP ලිපිනය දන්නවා නම් සොෆ්ට්වෙයා බාවිතා කරලා ඒ IP ලිපිනය අයිති පුද්ගලයගෙ කම්පියුටර් එකට රිංගන්න පුලුවන් ක්‍රම පවා තියෙනවා. ඒවට කියන්නෙ IP Hacking කියලා.

දැන් ඔය ලංකාවෙ තියෙන මේනියාවක්නෙ අසභ්‍ය වෙබ් අඩවි තහනම් කරන එක. මහින්ද මාමියි එයාගෙ ගොල බාල පිරිසයි එකතු වෙලා දිගට හරහට මේවා තහනම් කරනවා. එයාලා හිතන්නෙ වෙබ් සයිට් ටික තහනම් කරාම ලංකාව ආසියාවේ ආශ්චර්ය වෙයි කියලා. එයාලට තෙරෙන්නෙ නෑ මේ සයිට් තහනම් කරන එකෙන් වැඩක් නෑ ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔලුව හදන්නෙ නැතුව කියලා. මොකද ඔය තහනම් කරන සයිට් වලට යන්න ඕන එකා මොන තුප්පහි වැඩේ කරලා හරි ඕවට රිංගනවා. ඕවයේ හරයක් නෑ කියලා තේරුම් ගත්ත මිනිහා කවුරු කිව්වත් ඕවට යන්නෙ නෑ. හරියට මේවත් ලංකාවේ "මතට තිත" වගේ. සිගරට් අරක්කු විකුනන්න පුලුවන් බොන්න බෑ. ලංකාවේ තියෙන්නෙ ඔය වගේ තුප්පහි නීති තමයි. හරි කතාව වෙන පැත්තකට ගියා. මේවා මතක් වෙන කොට මගේ කට නලියනවා නෙවැ. (මම චන්දේ දුන්නෙ "ෆොන්සේකට" නෙමෙයි ඈ... අනික මම "ජෙප්පෙකුත්" නෙමෙයි.)

හරි මම අද ඔයාලට දෙන්න යන්නෙ මැක්සා බඩුවක්. සමහර වෙබ් අඩවි තියනවා ඒවට ලංකාවෙන් ඉන්ටර්නෙට් එකට පිවිසෙන පුද්ගලයන්ට යන්න බෑ. බ්ලොක් කරලා තියෙන්නෙ. youtube එකේ තියෙන සමහර වීඩියො පවා ලංකාවේ අපිට බලන්න බෑ. උදාහරනයක් විදියට ශකීරාගමෙන්න මේ විඩියො එක බලන්න යන්න පොඩ්ඩක්. ඕක බලන්න ගියාම අපිට ලංකාවෙ ඉන්නෙ ඔටුවො නිසා පෙන්නන්න බෑ කියලා මෙන්න මේ වගේ 


"Shakira - Loca ft. Dizzee Rascal" This video contains content from Vevo, who has blocked it in your country on copyright grounds."කියනවා. 
ඉතින් මම පහලින් දීලා තියෙන සොෆ්ට්වෙයා එක ඔයාලා හරියට ඉන්ස්ට්‍රොල් කරගෙන ඒකෙන් නෙට් එකට ලොග් උනාම ඔයාලට ලැබෙන්නෙ ඔයාලගෙ ඇත්ත IP ලිපිනය Hide වෙලා ඇමරිකන් IP ලිපිනයක්. ඉතින් දැන් බොලාට පුලුවන් ඕන තුප්පහි වැඩක් කැත නැතුව නියම ඇමරිකන් බුවෙක් වගේ කරන්න. ඉතින් මම පහලින් ලින්ක් එක දාලා තියෙනවා. ඒ සයිට් එකට ගිහිල්ලා සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගෙන බා ගන්න. මේ සම්පූර්නයෙන්ම ෆ්‍රී දෙන සොෆ්ට්වෙයා එකක් ඒක නිසා වෙනම ඇක්ටිවේට් කරන්න ඕන නෑ. එයාලා මුදල් හොයන්නෙ වෙලඳ දැන්වීම් මාර්ගයෙන්. ඉතින් තව ටිකක් කියන්න ඕන. ඔය එක එක IP Hide කරන සොෆ්ට්වෙයා වගේ නෙමෙයි මේක. මේකෙන් ඉන්ටර්නෙට් ලොග් වෙද්දි නෙට් ස්ප්‍රීඩ් එක පොඩ්ඩක් වත් අඩු වෙන්නෙ නෑ. වෙබ් පිටු වෙනදා වගේම ලෝඩ් වෙනවා. මම ගොඩක් IP Hide කරන සොෆ්ට්වෙයා බාවිතා කරලා තියෙනවා. ඒත් මට හම්බ උන හොඳම එක මේක. 

Download Hotspot Shield Elite 2.78 + Crack



නිවැරදිව ඉන්ස්ට්‍රෝල් කරගන්නා ආකාරය

01.) මුලින්ම HSS-2.78-install-e-395-conduit කියන ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරලා Hotspot Shield Elite දවස් 7තේ ට්‍රයල් එක ඉන්ස්ට්‍රෝල් කරගන්න.

02.) ඊට පස්සෙ Crack_by_-HacKrisH- කියන ෆෝල්ඩර් එකේ තියෙන Hosts කියන ෆයිල් එක අරගෙන මෙන්න මේ පාත් එකේ තියෙන Computer >>> C:/ drive >>> Windows >>> system32 >>> drivers>>> etc කියන ෆෝල්ඩර් එක ඇතුලට පේස්ට් කරන්න.

03.) දැන් ඉතින් ජීවිත කාලෙටම ඕක ගින්දර වගේ වැඩ.
වැදගත් : මේක ඉන්ස්ට්‍රොල් කරන කොට වයිරස් ගාඩ් එක ඩිසේබල් කරනවා නම් ගොඩක් හොඳයි. මොකද මේක ඉන්ස්ට්‍රොල් වෙන අතර මගදි සමහර ෆයිල් වයිරස් ගාඩ් එකෙන් බ්ලොක් කරන නිසා. අනිත් එක තමයි මේක ඉන්ස්ට්‍රොල් කරන්න පටන්ගන්න කොටම මොකක් හරි දෝශ පනිවිඩයක් ආවොත් retry button මත ක්ලික් කරලා ඉස්සරහට යන්න.

ඉතින් ඔයාලත් මේක දාගෙන බලන්න. කරන හැටි ගැන මොනවා හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාලා අහන්න. ඕනම දෙකට උත්තර දෙන්න මම ලෑස්තියි. තව කියන්න තියෙන්නෙ ඉතින් ඔයාලට මේ ලිපිය ප්‍රයෝජනයක් උනා නම් ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා. එහෙනම් මම ගියා. තවත් ප්‍රයොජනවත් ලිපියක් සමගින් ආයෙත් හමු වෙමු.

මට කරන උදව්‍වක් විදිහට පල්ලහ Ad එකත් ඔබාගෙන යන්න හොදේ...


උපුටා ගැනීම:-hackrish.org

4 comments

Write comments
BRO BUNGIE
AUTHOR
August 21, 2015 at 12:22 PM delete

https://www.youtube.com/watch?v=l7XYYpF1UUg

Reply
avatar
BRO BUNGIE
AUTHOR
August 21, 2015 at 12:22 PM delete

https://www.youtube.com/watch?v=l7XYYpF1UUg

Reply
avatar
maheshsilva
AUTHOR
August 21, 2015 at 1:44 PM delete

machan film download karanna puluwanda?

Reply
avatar
Unknown
AUTHOR
August 21, 2015 at 3:16 PM delete

new version update kaloth Crack_ ekata wedakaraida ?

Reply
avatar