අපේ කම්පියුටර් එකේ වේගයට ගොඩාක් සාධක
බලපානවා .ඒවා ප්‍රොසෙසරේ වේගය ,රැම් එක
වාගෙ වෙන්න පුලුවන් ඒත් එක්කම ඔයාලගෙ පීසී
එක ඔන් වෙන්න ගතවන කාලයට බලපාන එක
ප්‍රධානම සාධකයක් තමයි පරිගනකය ඔන් වෙනවාත්
එක්කම ඇරඹෙන වැඩසටහන් ඒකිව්වෙ startup
වැඩසටහන්.මේ වැඩසටහන් අපිට උවමනා ඒව
වෙන්නත් පුලුවන් නැත්නම් උවමනා නැති ඒව
වෙන්නත් පුලුවන් ටිකක් හිතල බලන්න ඔයාලගෙ
පරිගනකය ඇරඹෙනවාත් එක්කම වැඩසටහන්
ගොඩාක් ඇරඹුනොත් අනිවාර්යෙන්ම පරිගනකය
ස්ලෝ වෙනව නේද? උදාහරනයක් විදිහට මතක්
කරල බලන්න ඔයාල වයිරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල්
කරන්න කලින් පරිගනකය බූට් වෙන්න ගිය කාලය
ගොඩාක් අඩුයි නේද ? අපේ පරිගනකය බූට් වෙන්න
යන ආලය අඩු කරගන්න නම් අනිවා මෙන්න මේ
අනවශ්‍ය වැඩසටහන් ඇරඹෙන එක නවත්ව ගන්න
වෙනවා.
- මුලින්ම ඔයාගෙ ඕ.එස් එක වින්ඩෝස් xp නම් ඒකෙ start ගිහින් run ක්ලික් කරන්න
- windos 7 නම් run කියල search පාරක් දීල run අරගන්න
- ඊට පස්සෙ ඒකෙ msconfig කියල ගහලා ok කරන්න
- එතකොට වින්ඩෝ එකක් එයි. ඒකෙ ඇති starup කියල tab එකක් ඒකට යන්න.
- ඒ ටැබ් එකේ පෙන්නයි ඔයාලගෙ පරිගනකය බූට් වෙනවත් එක්කම පටන්ගන්න වැඩසටහන් ඒවගෙන් ඔයාලට ඕනෙම ඒව විතරක් තියල අනික්eඒවගෙන් ටික් එක අයින් කරන්න apply කරල ඒක ක්ලෝස් කරල දාන්න.
- ඊටපස්සෙ පීසී එක restart කරන්න. restart වුනාට පස්සෙ පොඩි maseege බොක්ස් එකක් එයි ඒකෙ don't show this massege again ටික් කරල දාන්න .
සුබ පැතුම් !ඔයාල දැන් ඔක්කොම වැඩ ටික කරල
ඉවරයි .බලන්නකො දැන් බූට් වෙන්න ගිය කාලයයි
කලින් ගිය කාලයයි සංසන්දනය කරල අනිවා බූට්
වෙන්න ගිය කාලය අඩු ඇති !ඔන්න එහෙනම් අපි
ගියා තවත් හරබර ලිපියකින් හමුවෙමු !!
ඒ වගේම මට කරන උදව්වක් විදිහට පල්ලහ AD එක ඔබගෙන යන්නත් අමතක කරන්න එපා
ඒ වගේම මට කරන උදව්වක් විදිහට පල්ලහ AD එක ඔබගෙන යන්නත් අමතක කරන්න එපා





1 comments:
Write commentsthanx dr
Reply