Advertisement

කාලය හරහා ගමන් කරමුද?


 ඇත්තෙන්ම මං අද කියන්න යන්නෙ කාලය හරහා ගමන් කරන හැටි නොවුනත් මේක කියෙව්වාම තේරෙයි අය්න්ස්ටයින්ගේ තියරියට අනුව ආලෝකයට වඩා වේගයෙන් ගමන් කළ හැකිනම් කෙසේද මෙය කළ 
හැකි වන්නෙ කියලා...
 බයත් හිතෙනවා නේද දැක්කම...

ඔව් ඔය තියෙන්නෙ පෘථිවියේ ඦායාරූපයක් වුනත් ගොඩ දෙනක් දන්නැතිව ඇති ඒක අරන් තියෙන හැටි,ඒ ගැන පසුව කියන්නම්කෝ,මුලින්ම අපි තේරුම් ගන්න ඕනෙ අපි දකින දේ ඇත්තක්ද කියලා..

කොහොමද ඉතින් ආලෝකයට වඩා වේගෙන් 
ගියොත් කාලය හරහා යන්නෙ??

මේකනෙ සීන් එක, ශබ්දය වුවත් ගමන් කරන වේගයක් තියෙනවා..
තත්පරයකට මීටර් 332ක්(332ms-1)
ඉතින් ඔය වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමට තරම් තාක්ෂනයක්නම් දැනට තියෙනවා...
 ඒත් අර කීව ආලෝකයට වඩා වේගයෙන් නම් මේවාට යන්න හැකියාවක් නෑ..
මොකද...තත්පරයක් ඇතුලත..
299 792 458 m ක් 
ගමන් කිරීම දැනට ඇති තාක්ශණය අනුව අපහසු දෙයක් බව ඔබටද වැටහෙන්ය් ඇත.
ඉතින් කොහොමද ඔය වේගෙන් ගියොත් කාලය හරහා යන්න පුලුවන්??
ඉතින් අපි කියමුකො ගහකින් ගෙඩියක් වැටෙන හැටි අපි දකිනවා කියලා,නමුත් එය අපේ ඇසට ලඟාවීමට යම් කාලයක් ගත වෙනවා,මොකද ආලෝකයටත් වේගයක් තිබෙන නිසා,

   ඒ නිසානෙ හිරුගෙන් ලැබෙන ආලෝකය පෘතිවියට වැටීමටත් යම් කාලයක් ගත වෙන්නෙ,

මේ ගැන කියද්දි තමයි ආලෝක වර්ෂ ගැන කියවෙන්නෙ, ආලෝක වර්ශයක් කියන්නෙ දුරකකේ කියන්නෙ ආලෝකයේ වේගයෙන් වසරක් තුලදි ගමන් කළ හැකි දුර..


එහෙනම් අපි කියමුකො ආලෝක වර්ශ 10ක් ඈතින් තියෙන තාරකාවක් විනාෂ වෙනවා කියලා මේ අවස්ථාවේදී..


අපිට ඒදෙස බැලුවොත් (දුරේක්ශයක් හෝ ආධාරයෙන්) එය දැක ගැනීමටද හැක.


ඒත්....


ඇත්තටම ඕක විනාශ වෙන්න අපි බලන් ඉන්න වෙලාවෙදිද??


අපෝ නෑ...


ඇත්තම කීවොත් වසර 10කට කලින් සිදු වූ දෙක තමා මේ අවස්ථාවේදී අපි දකින්නෙ..


මොකද ඒක තියෙන්නෙ ආලෝක වර්ශ 10ක් ඈතින්නෙ..


ඉතින් ඕක විනාශ වෙන හැටි අපි දකින්නෙත් වර්ශ 10කට පසුවයි..


හරි තව උදාහරණයක්..


පෘතිවියට ආලෝක වර්ශ 2600ක් ඈතින් තිබෙන ග්‍රහලොවක ජීවියෙක් (පිටසක්වල ජීවියෙක් ;) දුරේක්ශයක් අරන් පෲතිවිය දෙස බැලුවොත් ඔහුට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමය දැක ගැනීමටද හැකිවනු ඇත..


ඒ විතරද අපට වඩා ආලෝක වර්ශ ගණනාවක් ඈතින් ඇති තාරකාවන් රාතී අහසේ දැක ගැනීමට හැකිවුවත්...


කවුද දන්නෙ ඕවා මේ වෙනකොට විනාශ වෙලා තියෙන ඒවාද කියල..


ආ අර උඩ පින්තූරෙ තියෙන්නෙ පෘථිවියෙ ඡායාරූපයක් නෙවේ..


Nonstick pan එකක්...


ඉතින් ඒක දකින් බොහෝ දෙනෙක් සිතන්නෙ නෑ සැබැවින්ම ඒ කුමක්ද කියලා..


ඉතින් අපිටත් පුලුවන්නම් ආලෝකයට වඩා වේගයෙන් ගමන් කරන්න...


වෙන ග්‍රහලොවකට ගිහින් හරි අතීතයට යන්න බැරියැ..


අවසානයෙන් කියන්න කැමතියි තමන් දකින දෙය සැබෑවක්ද කියලා තමාම සිතා බලන්න කියලා..


යතාර්ථය තේරුම්ගන්න..


* *

ඒ වගේම මට කරන උදව්වක් විදිහට පල්ලැහැ AD එකත් ඔබගෙන යන්න අමතක කරන්න එපා 


උපුටා ගැනීම :-aluthlanka.com

2 comments

Write comments
Unknown
AUTHOR
April 15, 2015 at 11:39 AM delete

ඔයා මගෙ ලිපිය copy කරා නේද? ඒක සදාචාරත්මක නැහැ නේ? මෙන්න මුල් ලිපිය http://sadeepa01.blogspot.com/2014/06/d.html
තව කෙනෙක්ගෙ දෙයක් හොරකම් කරන්න එපා සහෝ, ඒක කැත වැඩක්

Reply
avatar
Unknown
AUTHOR
April 15, 2015 at 3:43 PM delete

මන් ඔයාගේ ලිපිය හොරකම් කරේ නැ සහෝ මන් aluthlanka.com එකෙ පලවුන ලිපියක් තමයි උපුටා ගත්තේ ඔය යටින් දල තියෙන්නේ :) :) :)

Reply
avatar