Advertisement

ඩිලීට් වූ ෆයිල් නැවත හොයා ගන්නා හැටි...

   ඔබ පරිගණකය භාවිතා කරන විට අත් වැරදීමකින් හෝ වෙනයම් කාරණාවකින්  ඔබට අවශ්‍යම ෆයිල් එකක් මැකී ගිය හොත් එය නැවත ලබා ගැනීමට දැන් ලතවිය යුතු නැත.ඒ සඳහා දැන් මෘදුකාංග තිබෙන බැවිනි.ඔබ අතින් මකා දමන ෆයිල් එක්වරම දෘඩා තැටියෙන් ඉවත්වන්නේ නැත.ඔබ ඉවත් කල ෆයිල් තිබු ස්ථානයේ වෙනත් ෆයිල් එකක් ගබඩා වන තුරු ඒ මැකුන ෆයිල් එක සුරැකිව තිබේ.මේ සඳහා හොඳම මෘදුකාංගයක් වන්නේ undelete my files යන මෘදුකාංගයි.එය බා ගැනීමට මෙතනින් යන්න.



මුලින්ම එය ඔබ පරිගණකයේ ස්ථාපිත කරගන්න.එය ස්ථාපනය කල පසු මෙසේ දිස්වේ.


file rescue ලෙස හැදින්වෙන කොටස මගින් ඔබ මකා දැමු ෆයිල් ස්කෑන් කල හැකි බව පෙන්වයි.එම කොටුවේ දැක්වෙන අදාළ දෘඩ තැටිය  තෝරා ok විධානය දුන් විට නැවත ලබා ගත හැකි ෆයිල් පෙන්වාදෙයි.එම ලයිස්තුවේ ඉදිරියෙන් ඇති කුඩා කොටුව මත ටික් එකක් දීමෙන් ඔබට නැවත ලබා ගත හැකි ෆයිල් එක තෝරා දිය හැක.ඉන් පසු recover විධානය දුන් පසු තවත් කුඩා ඩයලොග් බොක්ස් එකක් එයි.එහිදී ඔබේ ෆයිල් එක save විය යුතු ස්ථානය ඔබට තෝරා දිය  හැක.එහි yes එබීමෙන් ෆයිල් එක ඔබ තෝරා දුන් ෆෝල්ඩරයට ත් no යන්න එබීමෙන් ඔබ මකා දැමු ෆයිල් එක තිබු ස්ථානයටත් නැවත ප්‍රතිස්ථාපනය වීමට සැලැස් විය හැක.


මෙමෙ මෘදුකාංගයේ ප්‍රධාන මෙනුවේ Deleted file seach යන්නෙන් ඔබ අතින් මැකී ගිය ෆයිල් එක සොයා ගත හැක.එමෙන්ම  මෘදුකාංගයේ තවත් වැදගත් කරුණක් වන්නේ මෙමගින් ඔනෑම ෆයිල් එකක් සදහටම මකා දැමීමට හැකි වීමයි.විශේෂයෙන් මුර පද වැනි වටිනා තොරතුරු සමග ඔබ පරිගණකය නැවත විකිනීමෙන් යම් අයකු අතට එම තොරතුරු පත් විය හැක.එනිසා මෙමගින් අවශ්‍ය ෆයිල් සදහටම මකා දැමීමට හා  පුළුවන.ප්‍රධාන මෙනුවේ දකුණු පසින් ඉහලින්ම ඇති Files wiper යන්නෙන් ගොස් ඔ‍බට අවශ්‍ය ෆයිල් නැවත ලබා ගත නොහැකි පරිදි ඉවත් කල හැක.

තව වැඩ කෑලි ටිකක් තියෙනව අධ්‍යයනය කරල බලන්ඩකෝ.....

අදට යනව ආයෙත් තව පෝස්ට් එකකින් ඈ.

මට කරන උදව්වක් විදිහට පහල AD එක ඔබල යන්න අමතක කරන්නත් එපා.ස්තුතියි...!!

1 comments:

Write comments
deamon
AUTHOR
May 30, 2015 at 12:21 PM delete

Format කරපු ඒවා ගන්න විදියකුත් කියලා දෙන්නකෝ

Reply
avatar