Advertisement

Android Phone එක සම්බන්ධ කොට පරිගණකයෙන් Internet යමු (Pc suite අනවශ්‍යයි)



අද කියන්න යන්නේ ඔයාගේ Android Phone එක Connect කරලා පරිගණකය හරහා Internet යන විදිහ කියලා දෙන්නයි යන්නේ. ( PC Suite අනවශ්‍යයි.) ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබුනා මගේ ෆෝන් එකට PC Suite හොයලා දෙන්න කියලා. සමහරක් ෆෝන් වලට PC Suite හොයන්න මාර කට්ටක් කන්න ඕනේ.ඒත් දැන් එහෙම PC Suite හොය හොයා ඉන්න ඕනේ නෑ.වැඩේ කරන්න තියෙන්නේ ෆෝන් එකෙන්මයි.හරිම ලේසියි. 


මේ ක්‍රමේ ගොඩක් දෙනා දන්න දෙයක්.ඒත් සමහරක් කට්ටිය දන්නේ නැති නිසා මට හිතුනා කියලා දෙන්න ඕනේ කියලා.




මේකට විශේශ මුකුත් ඕනේ නෑ  ඕනි කරන්නේ Data Cable එක විතරයි. ගොඩක් Smart Phone තියන කට්ටිය ගාව Data Cable අනිවා තියෙනවනේ. හරි අපි වැඩේට බහිමු.



ඉස්සල්ලාම කරන්න ඕනේ ෆොන් එකේ Mobile Data Connection ON කරන එක.



 Settings > Wireless & networks > Mobile Networks > Data enabled

දැන් Phone එක කොම්පීටරේටData Cable Plug කරලා ෆෝන් එකට සම්බන්ධ කරන්න. Storage එක එහෙම Connect කරන්න යන්න එපා. මුකුත්ම Connect කරන්න එපා. දැන් පහල පියවර අනුගමනය කරන්න.


Settings > Wireless & networks > 

Tethering & Portable hospot > USB

 tetherin




USB tethering කියන එකට ටික් එකක් දාන්න. එතකොට මෙන්න මෙහෙම Connect වෙන්න ගනී.

 මෙහෙම Connect වෙන්න ටික වෙලාවක් ගන්නවා.
ඇත්තටම මේක සිරාම සුපිරි වැඩක්. ඩොගවල් ඕනේ නෑ. සිම් ගලවා ගලවා ඉන්න ඕනේ නෑ. සුපිරිම Speed එකක් තියෙනවා.මගෙනම් ගින්දර

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
 

3 comments

Write comments