වින්ඩෝස් 10 පිලිබදව විවිධ අදහස් පලවන අතර එයට එක් වන නව විශේෂාංග පිලිබඳවත් බොහෝ අවධානය යොමුව තිබෙනවා.එසේ වින්ඩෝස් 10 සඳහා එක් වෙන නවතම විශේෂාංගයක් ලෙසට spartan නම් නවතම වෙබ් බ්‍රව්සරය හැදින්විය හැකියි.
බොහෝ දෙනා මයික්‍රොසොෆ්ට් internet explorer
භාවිතා කරන්නෙ අලුත් වෙබ් බ්‍රව්සරයක් ඩවුන්ලෝඩ්
කරගන්න විතරයි.ඒකට හේතු වන්නේ internet
explorer වල ඇති මන්දගාමී ස්වභාවයත් භාවිතයට
පහසු interface එකක් නොතිබීමත් වගේ කරුණු.
මයික්‍රොසොෆ්ට් සමාගම පවසා සිටියේ තම නවතම
බ්‍රව්සරය google chrome හා fire fox සමග කරට
කර සටන් කලහැකි එකක් වන බවයි.නමුත් මේ
බ්‍රව්සරය එලි දක්වන්නේ internet explorer හි
යාවත්කාලිනයක් ලෙස නෙමේ.ඒ බ්‍රව්සරය වෙනම
බ්‍රව්සරයක් ලෙස පැමිනෙනවා.පැමිනෙන්නට නියමිත්
වින්ඩෝස් 10 වලදීත් internet explorer හා
spartan වෙනමම බ්‍රව්සර දෙකක් ලෙස
පැමිනේවි.මෙම බ්‍රව්සරය වින්ඩෝස් phone සඳහා
සහය දක්වන නමුත් android හා ios වලට සහය
දක්වන්නේද කියා සඳහන් කර නැහැ.
මෙම බ්‍රව්සරය,coratana කෘතීම බුද්ධිය වැනි අලුත්ම
විශේෂාංග නිසාවෙන වින්ඩෝස් 10 පිලිබඳව
පාරිභෝගිකයාගේ වැඩි අවධානයක් යොමුවීමටත්
හේතුවක් වී ඇති බවයි ආරංචිය,
කෙසේවෙතත් internet explorer පිලිබඳව
පරිගණක භාවිතා කරන්නන්ගේ ඇති සෘනාත්මක
ආකල්පය වෙනස් කිරීමට මෙය පිටිවහලක් වෙනු
ඇති!


