Advertisement

මොනවද මේ Web Designing කියන්නෙ..

අපේ යාළුවො ඉන්නව Web Designing ගැන උනන්දුවක් තියෙන.. ඒත් එයාලට හරි අවබෝධයක් නෑ කොහෙන්ද පටන් ගන්නෙ කොහෙන්ද ඉවර කරන්නෙ කියල... මම පොඩි ආරම්භයක් අරන් පොඩි හැඳින්වීමක් කරල ඔයාලට පොඩි Idea එකක් දෙන්නම් මේ ගැන... හොඳිට තේරුම් ගන්න හොඳද... :shock: 

මුලින්ම කියන්න ඕන වෙබ් එකක් කියන්නෙ මොකක්ද කියල.. Website එකක් කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි... හරියට අපි ගෙයක් හදනව වගේ කරන දෙයක්... ගෙයක් හදනව නම් කරන්නෙ මොනවද කියල දන්නවද? මුලින්ම කරන්නෙ අපි හිතනව අපේ ගෙදර හැදෙන්න ඕන විදිය.. කාමර කීයද, කෑම කාමරේ කොහෙද තියන්නෙ.. ස්තෝප්පුව මේ විදිය එන්න ඕන.. ජනේල මෙච්චරයි දොරවල් මෙච්චරයි, වහලෙට දාන්නෙ උළු ද නැත්නම් ෂීට් ද... මේ දේවල් හිතනව නේද ගෙයක් හදන්න කලින්? ඊට පස්සෙ කරන්නෙ මොනවද? ඊටපස්සෙ අපි කරන්නෙ ප්ලෑන් එක අඳින එක. ඒක හැමෝටම අඳින්න පුළුවන්ද? බෑ නේද? හොඳට ඉගෙනගෙන ඉන්න ඕන ඒක අඳින්නත්.. ඔන්න ප්ලෑන් එකත් ඇඳල තමයි වැඩ පටන් ගන්නෙ පියවරෙන් පියවර.. 

මේ විදියම තමයි Website එකක් හදනව නම් අනුගමනය කරන්නෙත්.. මුලින් අපි හිතන්න ඕන මොන වගේ දේකටද මේ Website එක හැදෙන්න ඕන සහ අපි මේ website එක හදන්න ඕන කොයි විදියටද කියල.. මේක දවසක් දෙකක් ගියාට කමක් නෑ හොඳට හිතන්න... හිතන තරමට තමයි වැඩේ ලස්සන වෙන්නෙ...

දැන් අර ප්ලෑන් එක ඔයා කොලේකට ගන්න ඕන... Website එක කොලේක ඇඳගන්න.. (මේ දේ ආරම්භක අවදියේදි කරන එක හොඳයි. පස්සෙ මේව ඕන නෑ හොඳට පුළුවන් වෙද්දි)

දැන් තියෙන්නෙ හදාගෙන හදාගෙන යන එක... මේ Website හදන විදිය මම කියල දෙන්නම් පාඩම් මාලාවක් විදියට.. අද මේ කියන්නෙ පොඩි හැඳින්වීමක් විතරයි හොඳද...

හරි... දැන් මේ ඔයාගෙ website එක හදල ඉවරයි කියමුකො... ඒත් මේක කොහොමද Internet එකට දාන්නෙ කියල අදහසක් නැතුව ඇති තවම.. ඒකත් මම සවිස්ථරාත්මකව කියල දෙන්න බලාපොරොත්තු වෙනව.. හැබැයි මේ දේවල් ගොඩක් වටින දේවල්... ඉතාම සරල සිංහලෙන් ඕනම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් වෙන්න මම කියල දෙන්නම්.. හැබැයි ඉතින් කට්ටියගෙ ප්‍රතිචාර මත තමයි හැමදේම රඳා පවතින්නෙ...