අන්තර්ජාලයේ අපි දකින වෙබ් අඩවි බොහෝදුරට නිර්මාණය වෙන්නේ මේ HTML කියන පරිගනක භාෂාව හරහායි. කෙටියෙන්ම කියනවනම් අන්තර්ජාලයේ මව් භාෂාව තමයි HTML කියන්නේ. Berners-Lee නම් පරිගනක විද්‍යාඥයාගේ අදහසකට අනුව නිර්මාණය වුණු HTML මුලින්ම භාවිතා වුණේ 1991දීය. මේ වන විට එහි නවතම සංස්කරණය ලෙස HTML5 ලෙස නිකුත් වී තිබෙනවා.
1990 දි Tim Berners-Lee නම් පරිගණක විද්‍යාඥයා CERN(Conseil Européen pour la Recherche Nucléaire - යුරෝපියානු න්‍යෂ්ඨික පරීක්ෂණ කවුන්සිලය) හි විද්‍යාඥයින්ගේ පරීක්ෂණ වාර්තා එකිනෙකා අතර හුවමාරු කරගැනීමට යම් ක්‍රමවේදියක් තැනීමේ ප්‍රතිඵලයක් ලෙස HTML නමින් නව පරිගනක භාෂාවක් බිහිවුණා. Berners-Lee මහතා පවා නොසිතූ ලෙස මෙම ව්‍යාපෘතිය අති සාර්ථක වුණා. ඔහු එය තවත් වැඩිදියුණු කළා. අවසානයේ අද අප දකින අන්තර්ජාලය ඔහු විසින් ප්‍රථම වරට 1991දී හදුන්වා දුන්නා. එවකටදී ඔහු අන්තර්ජාලය තුල පෙන්විය හැකි Elements(මූලාවයව/අංග) 18ක් හදුන්වලා දුන්නා. HTML 5.0 තුළදීත් ඒ අතරින් Element 10ක් පමණ භාවිතා වෙනවා.
![]() |
| Tim Berners-Lee |
HTML 1.0 - 1991
HTML 2.0 - 1995 නොවැම්බර් 24
HTML 3.2 - 1997 ජනවාරි
HTML 4.0 - 1997 දෙසැම්බර්
1997 සිට 2014 දක්වා කාළය තුළ වරින් වර වෙනස්කම් කරමින් එළි දැක්වූවත් එහි සංස්කරණය වෙනස් කළේ නැහැ.
HTML 5.0 - 2014 පෙබරවාරි 4
Hyper Text Markup Language කියන එකේ කෙටි යෙදුම තමා HTML කියලා කියන්නේ.
| Hyper | Linear යන්නෙහි විරුද්ධාර්ථයයි. Linear යනු රේඛීයව යන්නයි. එමනිසා hyper යනු රේඛිය නොවන වැනි අදහසක් ගෙන දෙයි. සාමාන්‍යයෙන් පරිගනකයක යම් යම් ක්‍රියාවලීන් සිදුවන්නේ Linear ක්‍රමයටයි. එනම් එක් පියවරකට පසු තවත් පියවරක් සිදුවේ. නමුත් අන්තර්ජාලය තුළදි එසේ නොවේ. ඕනෑම පියවරක සිට තවත් පියවරකට පහසුවෙන් පිවිසිය හැකියි. |
| Text | අකුරු |
| Markup | වෙනස්කමක් කර දැක්වීම/ කැපී පෙනෙන ලෙස දැක්වීම උදා: අප Microsoft Word වැනි වැඩසටහන් වලදී Headings/Bold/Italic/Underline ආදිය යොදා කරන්නේ අකුරු කැපි පෙනෙන්ට සකස් කිරීමයි. |
| Language | භාෂාව |
HTML නිළ වෙබ් අඩවිය - www.w3.org/html/
● HTML තිබුණේ නැත්නම්...
අද අපි දකින විසිතුරු පෙනුමකින් යුත් අන්තර්ජාලයට වඩා හාත්පසින් වෙනස් අන්තර්ජාලයක් දැකගන්න තිබුණා.
● HTML කියන්නේ Programming Language එකක්ද?
නැහැ. HTML නම තුළම එය Markup Language එකක් බව සදහන් වෙනවා. යම් දෙයක් තුළ අන්තර්ගතයක්(content) දිස්විය යුතු පිළිවෙල මෙවැනි Languages මගින් ඉදිරිපත් කෙරෙනවා.
● HTML ඉගෙනගන්නේ ඇයි?
තමාට වෙබ් අඩවියක් හදාගන්න ඕන නම් ඒකට අනිවාර්යෙන්ම HTML පිළිබද දැනුමක් අවශ්‍ය වෙනවා. වෙබ් අඩවි නිර්මාණය සදහාම සකසා ඇති Dreamweaver වැනි වැඩසටහනක් භාවිතා කිරීමේදී වුණත් HTML වල මූලික දැනුම අත්‍යාවශ්‍යයි.
● HTML ඉගෙනගන්න ඔබ සතුව තිබිය යුත්තේ මොනවාද?
♦ වෙබ් බ්‍රව්සරයක් (Google Chrome/ Mozilla Firefox / IE වැනි)
♦ Text Editor වැඩසටහනක් (Notepad / Notepad++ / Sublime Text / Pico)



