මේ නමින් හෝ GTA කියල හරි කියපුවම දන්නේ නැති පොඩි එකෙක් උනත් නැති තරම් කියල හැමෝම දන්නවනේ
හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමා 'මේක PC එන්නේ නැද්ද එහෙමත් නැතිනම් කවදද PC සංස්කරණය නිකුත් වන්නේ යන්නයි', මොකද අපේ PC කට්ටිය කෙල හල හල බලා හිටියත් ඉස්සෙල්ලම ගේම ආවේ Consoles (X360 , PS3 , XO , PS4 , WII etc..) වලට නමුත් Console වලිනුත් 1st එකේම ආවේ x box 360 සහ ps3 යන දෙවර්ගයටයි, ඒ 2013 සැප්තැම්බර් 27 වෙනිදා, නමුත් x box one සහ ps4 යන නවතම consoles දෙක කලඑළි දැක්වීමට සුදානම් ව තිබියදීම මොවුන් පැරණි සංස්කරණ දෙකකට මෙය එලි දැක් උවේ ඇයි යන්න සියලු දෙනාටම මහත් ගැටලුවකි..! නමුත් පරිගණක ක්‍රීඩා ලොවම කලබමින් මෙම ක්‍රීඩාව උණු උණුවේ ලෝක වාර්තා තබමින් අලෙවිය සිදු උනා, 'සත්‍ය වශයෙන්ම මෙය තැනේ හැටියට කොක්ක ගැසීමකි..' මන්ද Rockstar ආයතනයට වෙනත් ආයතනයක වෙළෙදාම මත තම පරිගණක ක්‍රීඩාවේ රදා පැවතීම තබා ගැනීමට අවශ්‍ය නොවීමයි.
කෙසේ වෙතත් 2014 නොවැම්බර් 18 දින X Box ONE සහ Playstation 4 යන console දෙක සඳහා මෙය එලි දැක් උනා, සහ එමෙන්ම Rockstar පවසා සිටියේ GTA V PC සංස්කරණය 2015 ජනවාරි 27 ලබා දෙන බව නමුත් අවාසනාවකට මෙන් ක්‍රීඩාවේ තුල ඇති Bugs කිහිපයක් හේතුවෙන් ක්‍රීඩාව නැවත පරීක්ෂණය සිදු කල යුතු හේතුවෙන් PC සංස්කරණය 2015 මාර්තු 24 දක්වා කල් ගිය බව ඔවුන් නිල දැනුම් දීමකින් පවසා සිටියේය..., මෙවැනි සිදුවීමක් Watch Dogs ක්‍රීඩාවේ දීත් සිදු වූ නමුත් Ubisoft ආයතනය එම ගැටලුව නිරාකරණය කොට ගත්තා, බලමුකෝ එහෙනම් Rockstar මොකෝ කරන්නේ කියල... ;)


