Advertisement

තාරකා විද්‍යාවේ අතීත පියසටහන්...



“සමන්පිච්ච මල් ඉහිරුණු නිල් තණකොළ
 පිට්ටනියක් 
වගෙයි අහස අන්න බලනු කොච්චර ලස්සනද රෑට” 
යනුවෙන් වර්ණනාවට ලක්වූ රාත්‍රී අහසේ ග්‍රහ තාරකා
 හා වෙනත් ආකාශවස්තු පිළිබඳ කවි ඔබ අසා 
ඇතුවාට සැකයක් නැත. රෑ අහස මේ ආකාශ වස්තු
 මවන අසිරිය නෙත් සිත් පිනවයි. මේ අහස කෙතරම්
 ආශ්චර්යය වත්ද.
මානව ශිෂ්ඨාචාරයේ මුල් යුගයේ සිටම අහස හා
 ආකාශවස්තු මිනිස් වර්ගයාගේ විමසිල්ලට ලක්
 වීය.මේ
 ආකාශවස්තු පිලිබඳ වූ විද්‍යාව තාරකා විද්‍යාව බවට
 නොදන්නෝ නොවෙති.තාරකා විද්‍යාව යනු ලොව 
ඉපැරණිතම විද්‍යාවයි.නමුත් මෙතරම් පෞරානික වූ
 තාරකා විද්‍යාව පිලිබඳ ඇල්මක් ඇති අප 
මොහොතක්වත් මෙය ආරම්භවූයේ කෙසේ දැයි
 සොයා බැලුවාද? එසේනම් අපි තාරකා විද්‍යාව 
ප්‍රවර්ධනය හා එහි ඉතිහාසයට යමු.

තාරකා නිරීක්ෂණ පිලිබඳ නිරීක්ෂණ වාර්තා ලිඛිතව
 එනම් මැටි ඵලකතුල සටහන් කරමින් ක්‍රී.පූ1500 දී
 පමණ කාලයේ සිට බැබිලෝනියාවෙන් තාරකා
 විද්‍යාව ආරම්භවී ඇතැයි සැලකේ. බැබිලෝනියානු 
ශිෂ්ඨාචාරය විසින් බටහිර ලෝකය වෙත කරන ලද
 මහත්ම බල පැමක් ලෙස තාරකා විද්‍යාව සැලකිය 
හැකිය.කාලය මනින පැය,දින,සති,මාස ක්‍රමය අප
 අතරට ලැබුනේ බැබිලොනියාවෙනි. ග්‍රහලෝකවල
 නමින් දිනයන් නම් කිරීම බැබිලෝනියාවේ තාරකා
 විද්‍යා දැනුම පිලිබඳ හොඳම නිදසුනයි.
බැබිලෝනියානුවෝ චන්ද්‍රයාට මුල් තැනක්
 දුන්හ.ඔවුන්ගේ වර්ෂය දින තිහක චන්ද්‍ර මාස
 දොළහකින්
 යුත් දින 360 කින් සමන්විත විය.මෙහිදී ඇතිවූ
 ගැටලුවලට පිළියම් වශයෙන් හැම හයවැනි 
වර්ෂයකටම
 වැඩිපුර චන්ද්‍ර මාසයක් එක් කළහ.
බැබිලෝනියානු තාරකා විද්‍යාව ජෝතිශ්යමය
  ස්වරූපයක් ගත්තකි. ක්‍රි.පූ 668-625 දී පමණ
 ඇසිරියාවේ 
විසූ අසුර්ඛනිපාල් රජු විසින් රචනාකරන ලද තාරකා
 විද්‍යා පුවරු විශාල සංඛ්‍යාවක් තැන්පත් කර තිබූබව
 වාර්තාවේ.තවද මෙසේ තැන්පත් කර තිබූ තවත්
 ලේඛනයක් ක්‍රී.පූ 3800 විසූ පළවන සාර්ගෝන්
 රජුගේ
 කාලයට අයත් බව වාර්තාවේ.මේ අයුරින්
 ඇසිරියානුවෝ දිනපතා ග්‍රහලෝකයන්හි හැසිරීම්
 රටාව 
නිරීක්ෂණයකර ඒවා ගණනය කොට ඒවායේ
 වාර්තාවන් සාදා ඇතිබවට වාර්තාවේ.මෙම
 වාර්තාවන් 
අසුර්ඛනිපාල් රජු විසින් අනෙකුත් නගර වලට බෙදාදී
 ඇතිබවත් පසු කලෙක මෙම මෙම වාර්තාමගින් 
අනාවැකි පලකලබවත් එම අනාවැකි පලකිරීමේ
 කාර්යය පූජකවරුන්ගේ කාරයක් බවට පත්වුන බවත් 
ඉතිහාසයේ සඳහන්වේ.පූජ්‍යස්ථානවල විශාල ගල්
 කුලුණු ඉදිකොට ගෙන සරල උපකරණ මගින් අහස
 නිරීක්ෂණය කර අනාවැකි පළකලහ.බැබිලෝනියාවේ
 බාබල්ගේ කුලුණ මෙයට ශාක්ෂි දරයි.එවකට
 හඳුනාගෙන තිබූනේ ග්‍රහලෝක පහක් පමණි.මෙම
 ග්‍රහලෝක පහ සහ හිරු ,සඳු පිළිබඳ ඔවුන්ගේ 
විමසිල්ලට ලක්විය.තවද මෙම යුගයෙහි ඔවුන් සතුව
 කාලය මනින ඔරලෝසුවක් වැනි යමක් තිබී ඇති
 බව පුරාවිද්‍යා ග්‍රන්ථවල සඳහන්ව ඇත. නමුත් විශ්වය
 පිළිබඳ ඔවුන්තුල වූයේ නොපැහැදිලි සංකල්පයකි.
මන්දයත්,ඔවුන් පෘථිවිය කවාකාර භූමියක් බවද ඒවටා
 විශාල ගඟක් ගලායන බවද ගඟ මහසයුරට ඔබ්බෙන්
 පිහිටා ඇති බවද අහස රැදී ඇත්තේ උස් කදු මුදුන්වල
 බවද විශ්වාසය විය.
බැබිලෝනියානුවන් සූර්ය ග්‍රහණ චන්ද්‍ර ග්‍රහන පිළිබඳ
 විශේෂ ලෙස අවධානයක් යොමුකර ඇත. 
සූර්ය ග්‍රහණ චන්ද්‍ර ග්‍රහන පිළිබඳ වාර්තා තැබීම
 බැබිලෝනියානුවන්ගෙන් තාරකා විද්‍යාවට සිදුවූ 
අමිල සේවයකි.පසු කලෙක මෙම වාර්තා ක්ලෝඩියස්
 ටොලමි විසින් නිරීක්ශණයට යොදාගෙන ඇත.
මේ භාගයේදීම ඊජීප්තුව තරකා විද්‍යාව අතින්
 දියුණුවක් ලබාසිටියහ.මේබව පැරණි ඊජීප්තු පිරමීඩ 
වලින් හමුවූ චිත්‍ර හා අක්ෂර වලින් පැහැදිලිවේ. මෙවන්
 දැවැන්ත පිරිමීඩ සෑදිමට හා විශාල ඇළ වේලි 
ඉදිකිරීමට ඔවුන් තාරකා උපයෝගීකර
 ගත්හ.ඔවුන්ගේ වසරක් දින 360 කට සීමාවිය.එහෙත්
 පසුව
 එම ගණනයන් අවුල් සහගත නිසා වසරකට දින 5ක
 මාසයක් එක කළහ.තවද දින 1/4ක් එකතුකර එය
 අධික වර්ෂයක් ලෙස නම් කොට ඇත,මෙලෙස අදික
 වසරක හදුන්වා දීඇත්තේ ටොලමිගේ යුගයේ
 ඇලෙක්සැන්ඩ්‍රියානු  නක්ෂත්‍ර විද්‍යාඥයන්වූ ග්‍රීකයන්
 විසිනි. ඊජිප්තුවරුන් විසින් දවසක් කොටස් 
දෙකකට වෙන්කර ඇත. එනම් දහවල පැය 12 හා
  රාත්‍රීය පැය 12 ක් වන ලෙසයි. ඔවුන් කාලය
 මැන ගැනීමට හිරු තැටිය හා ජල ඔරලෝසුව
 භාවිතාකර ඇතිබව සඳන්වේ.
හිරු තැටිය
බැබිලෝනියානුවන් මෙන්ම ඊජීප්තුවරුන්ද විශ්වය
 පිළිබඳ විශේෂ  මතයක් දැරූහ.ඔවුන්ගේ මතය
 වුයේ අහස යනු පොලව වසා සිටින වහලයක් බවත්
 ආයත චතුරස්‍රකාර පෙට්ටියක් බඳුවූ කොන් 
හතරකින් ඉහලට නැගුණ කණු සතරකට අහස සවිවී
 ඇති බවත් පොළෝ තලය මදක් වක්‍රවූ අතර ඒ 
මැද නයිල් ගංඟාව වූ අතර හිරු දෙවියෝ දින පතා
 යෝධ අහසේ සිට ඇද හැලෙන ගංඟාවකින් ඔරුවක 
නැගී පැමිණ සිය දෛනික චාරිකාවේ යෙදෙන අතර
 ගංඟාවේ පළල නිසා හිරු දෙවියන් එක් එක් සෘතු 
වලදී පොළොවෙන් ඈතින් වූ ඟං ඉවුරට ළංව ගමන්
 කිරීමත් සිදුකරන බවය.සෘතු බිහිවූයේ
 මේ ආකාරයටය.ඔවුන්ද සූර්යය හා චන්ද්‍රයා පිලිබඳ
 අනාවැකි පලකර ඇතිබවට සාක්ෂි හමුවී ඇත.
අහසේ ඇති නොයෙක් වස්තූන් පිළිබඳ
 බැබිලෝනියානුවන් දේවත්වයෙහිලා සැලකුවද
 ග්‍රීකයෝ
 ඒවා සොබාදාමේ දායාදයන් ලෙස
 සැලකූහ.බැබිලෝනියානුවන් මෙන් නොව මොවුන්
 විශේෂ 
අවධානයක් යොමුකර ඇත්තේ විශ්වය හා ග්‍රහවස්තු
 වෙත බව පෙනේ. ග්‍රීකයන්ද ග්‍රහවස්තු පිළිබඳ විවිධ 
මත දරා ඇත.ඇනෙක්ෂිමැන්ඩර් ගේ මතය වූයේ
 පෘථිවිය යනු අහසෙහි පාවෙමින් ඇති තැටියක් බවත්
, සූර්යයා හා චන්ද්‍රයා ඇතුලු ග්‍රහවස්තූන් විනිවිද
 පෙනෙන ගෝලයක් තුල පිහිටා ඇති බවත්ය.පෘථිවිය 
මේ ගෝලයේ කෙන්ද්‍රය බව ඔහුගේ මතය වීය.තේල්ස්
 පවසා ඇත්තේ පෘථිවිය සමතලයක් මත පාවෙමින්
 ඇති තැටියක් බවයි.මේ අවදිකීපය සමඟ තාරකා
 විද්‍යාව විශාල ලෙස වර්ධනය විය.

ක්‍රිස්තු පූර්ව 3000

එංගලන්තයේ පිහිටි ප්‍රසිද්ධ ස්ථානයක් වන්නේ
 ස්ටෝන්හෙජ් ගල්කුලුණු වේ. මෙය ඉතා සංකීර්ණ 
තාරකා විද්‍යා දින දර්ශනයකි.මේ ගල් කුලුණු හිරුට
 මෙන්ම චන්ද්‍රයාටද දිශානතව පිහිටයි.මේ මගින් 
කාලය මෙන්ම දිනයන්ද සඳන් කරගෙන ඇත.මෙය
 තාරකා විද්‍යාවේ විශේෂී වූ එක් වැදගත් සලකුණකි. 
තවද මේ වකවානුවේම ඊජීප්තුවේ සිදුවූ පිරිමීඩද
 වැදගත් තැනක් ගනී.
ස්ටෝන්හෙජ්
ක්‍රිස්තු පූර්ව 700

බැබිලෝනියානු තාරකා විද්‍යාඥයින් විසින් චන්ද්‍ර චක්‍රය
 නිර්මාණය කිරීම සුවිශේෂී සිද්ධියකි.මෙම
 චන්ද්‍ර චක්‍රය වසර 18.6 කින් සමන්විත වේ.මෙය
 “ප්‍රථම තරු ලිත” ලෙසද ඉතිහාසයේ සඳහන්වේ.මෙය
 චන්ද්‍ර ග්‍රහන පුරෝකථනයට විශේෂයෙන් යොදාගනී.
ක්‍රිස්තු පූර්ව 380

ග්‍රීක ජාතික ප්ලේටෝගේ ගණිතමය තාරකා විද්‍යාව
 කෙරෙහි ඇති ඇල්ම සුළු පටු නොවීය.ග්‍රහලෝක 
කක්ෂවල ගමන් කිරීමේදී ඇතිවන වෙනස්කම් පිළිබඳ
 ඔහු වැඩිපුර අවධානය යොමුකර ඇත.ඔහු ඉර
 හඳ මෙන්ම අනෙක් ග්‍රහලෝක පෘථිවිය වටා
 වෘතාකාර පථවල නිදහසේ ගමන්කරන බව එනම්
 පෘථිවිය
 කේන්ද්‍රකොට ගෙන ගමන් කරන බව ලෝකයට
 පැවසිය.මෙය භූකේන්ද්‍රවාදය ලෙස හැදින්වේ.
ක්‍රිස්තු පූර්ව 270

සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ පැහැදිලි මතයක් ඉදිරිපත්
 කර ඇත්තේ මේ වකවානුවේය.සමෝස් හි 
වැසියකු වූ ඇරිස්ටාකස් ඇලෙක්සැන්ඩ්‍රියාවට පැමිණ
 ගුරුවරයෙකු වශයෙන් සේවය කර ඇතිබව කියවේ.
මොහු ආකිමිඩිස්ගේ සමකාලීනයකු වන අතර
 පුද්ගලික ජීවිතය පිළිබඳ කිසිදු වාර්තාවක සඳහන්ව 
නොමැත.කෙසේවූවද, සූර්යයා ග්‍රහමණ්ඩලය පිළිබඳ
 මොහු ඉදිරිපත්කර ඇත්තේ මෙවැනි මතයකි, 
සූර්යයා නිසලව පවතින අතර ඒවටා පෘථිවිය ඇතුලු
 අනෙක් සෙසු ග්‍රහලෝක ගමන් ගන්නා බවයි.මෙය
 සූර්යය කේන්ද්‍රවාදය ලෙස හැදින්වේ.නමුත් මේ
 වකවානුවේ ජනතාව විසින් පිළිගෙන තිබුනේ පෘථිවිය
 කේන්ද්‍රකර ගත් සෞරග්‍රහමණ්ඩලයක් ඇතිබවයි.මේ
 හේතුවෙන් මොහුගේ මෙම ප්‍රකාශය පිළිබඳව 
තරමක් දුරට ගැටලු මතුවීය.
ක්‍රිස්තු පූර්ව 164

හැලීගේ ධූමකේතුව පිළිබඳ ප්‍රථම වරට වාර්තා
 වෙන්නේ බැබිලෝනියාවෙනි. ඔවුන් වාර්තා කළ
 ධූමකේතුවේ ගමන්මග පිළිබඳ දත්ත සියවස්
 ගණනාවක් පුරා ධූමකේතුවේ ගමන් මාර්ගයේ
 වෙනස්වීම්
 පුරෝකථනය කිරීමට 20 වන සියවසයේ
 විද්‍යාඥයින්ට ඉතා වැදගත් වීය.
ක්‍රිස්තු වර්ෂ 150

ලොව ප්‍රථම වරට තරුසිතියමක් හඳුන්වා දීම මේ
 වසරේදී සිදුවිය.ටොලමි විසින් හඳුන්වාදී ඇති මෙම
 තරු සිතියම තාරකා රාශි 48ක් ඇතුලත්ව ඇත
. “භූකේන්ද්‍රවාදය” හිසමුදුනින් පිළිගත් ටෝලමි ගේ
 සියලු 
මත හා දාර්ශනික අදහස් එකතුව "අල්මාගෙස්ට්"
 (The Almagest) නම් ග්‍රන්ථය ලියන ලදී. මෙය
 පසු 
කාලීනව මධ්‍යම යුරෝපයේ සහ අරාබියේ ඉතාම
 ප්‍රසිද්ධියට පත් විය. එසේම ටොලමි ගේ අදහස් 
වසර 1500ක් යන තුරුත් නොවෙනස්ව පිළිගැනීමට
 බඳුන් විය.
ක්‍රිස්තු වර්ෂ 928

මේ වකවානුව විශේෂී වන්නේ තාරකා විද්‍යා
 නිරීක්ෂණ උපකරනයක් නිපදවීමයි. මෙය
 ඇස්ට්‍රෝලේබේ (Astrolabe) උපකරණය ලෙස නම්
 කර ඇති මෙය නිර්මාණය කොට 
ඇත්තේ ඉස්ලාම් ජාතික වඩු කාර්මිකයෙකු විසින් බව
 සැලකේ.මෙය තාරකාවල ග්‍රහලෝකවල 
පිහිටුම නිවැරදිව හඳුනා ගැනීමට බෙහෙවින් යොදා
 ගෙන ඇත.මෙම උපකරණය          
පසු කාලීන අරාබි විද්‍යාඥයින්ට ඉතාමත් ප්‍රයෝජනවත්
 වීය.
ඇස්ට්‍රෝලේබේ 

ක්‍රිස්තු වර්ෂ 1050

මේ අවදියේ සිදුවූ සිදුවීම නම් අහස නිරික්ෂනය
 කරමින් සිටි චීන තාරකා විද්‍යාඥයින් අහසේ
ක්ෂනිකව
 විශාල දීප්තියක් දැකීමයි. මෙය තරුවක් මිය යන
 අවස්ථාවක තරුවේ ශක්තිය මුදා හරිනා සුපර් නෝවා
 පිපිරුමක් ලෙස නම් කෙරිණි. ඇමරිකාවේ මුල්
 ජනපදිකයින්ගේ ගල් සිතියමක මේ තරුව සටහන් වී 
තිබින මෙය කකුළුවා එනම් ක්‍රැබ් තාරකා රටාව
 ආශ්‍රිතව වාර්තාවූ සුපර් නෝවාවකි.

ක්‍රිස්තු වර්ෂ 1540

නිකලස් කොපර්නිකස් නම් විද්‍යාඥයා විසින් විශ්වය
 පිළිබඳ නව අදහසක් ඉදිරිපත් කළහ.පෘථිවිය 
සූර්යයා වටා ගමන් කරන බව පැවසූ ඔහු ග්‍රහලෝක
 වල ප්‍රතිගාමී චලිතය පැහැදිලි කලහ.
ක්‍රිස්තුවර්ෂ 1577

ටයිකෝ බ්‍රාහේ විසින් ධූම කේතුවක් සොයා
 ගැනින.මෙය පෘථිවියේ සිට ඉතාමත් ඈතින් ගමන්
 කරන
 බව ඔහු පෙන්වාදුන්හ.
ක්‍රිස්තු වර්ෂ 1608

ඕලන්ද ජාතික ඇස් කන්නාඩි නිපදවන්නකු වූ හැන්ස්
 ලිපර්ෂේ දිනක් තම මේසය මත තිබු කාච 
දෙකක් අතට ගෙන ඒ කාච ඈත් මෑත් කරමින් ඈත
 ඇති දේවස්ථානයක මුදුනක් දෙස බලමින් 
සිටියදී ඔහු විශ්මය ජනක දෙයක් දුටුවේය. ඈත ඇති
 දෙවස්ථානයේ මුදුන කාච ඇත් කරන විට 
ළංව පෙනන බවත් ළංකල විට දුරස්ව පෙනෙන බවත්
 නිගමනය කළහ.මේ ක්‍රියාකාරකම 
හේතුවෙන් ලොව ප්‍රථම දුරේක්ෂය නිර්මාණය විය.මේ
 සොයා ගැනීම තාරකා විද්‍යාවේ නවතම 
පෙරළියක් ඇති කළහ.මේ ආරංචිය මුලු යුරෝපයම
 මහත් ආන්දෝලනයකට ළක් වීය.
ක්‍රිස්තු වර්ෂ 1609

ජර්මන් ජාතික ජොහැන්නස් කෙප්ලර් විසින් ග්‍රන්ථයක්
 එළිදැක්වීය. 
එය "නව තාරකා විද්‍යාව"(New Astronomy) නම්
 විය.මෙමගින් ඔහු විසින් නියම තුනක්
 එළිදැක්වීය.ඒවා ග්‍රහචලිත පිළිබඳ කෙප්ලර් නියම
 ලෙස හැදින්වේ. ග්‍රහලෝක චලනය වන්නේ
වෘතාකාර මාර්ගයක නොව ඉලිප්සීය මාර්ගයක බව
 මොහු ප්‍රථම වරට ලොවට පැවසීය.

ක්‍රිස්තු වර්ෂ 1610
මෙම වකවානුවේදී ගැලීලියෝ ගැලීලි ඔහු විසින්ම
 මහත් වෙහෙසක් දරා වර්ධනය කරගත්
 දුරේක්ෂය උපයෝගීකර ගනිමින් සිදුකල නිරීක්ෂණ
 වැදගත් ස්ථානයක් ගනී. ගැලීලියෝ ගැලීලිට
 පෙර ඕලන්ද ජාතික හැන්ස් ලිපර්ෂේ විසින් කාච
 තාක්ෂණය ප්‍රායෝගිකව භාවිතයට ගෙන දුරේක්ෂ
 නිර්මාණය කර ඇත.
නමුත් මොවුන් මේ දුරේක්ෂ තාරකා විද්‍යා නිරීක්ෂණ
 සඳහා එතරම් යොදාගෙන නොමැත.ගැලීලියෝ
 ගැලීලි තම දුරේක්ෂය උපයෝගී කරගනිමින්
 මෙතෙක් කිසිවකුත් දැක නොතිබූ විශ්වීය විභූතිය 
ලෝකයා වෙත දිග හරිනු ලැබීය.ගැලීලියෝ තම
 දුරේක්ෂය භාවිතයට ගනිමින් මෙතෙක් පියවී ඇසින් 
දැක නොතිබූ තාරකා රැසක්ම හදුනාගත්හ.තවද
 එවකට විශ්වාස කල ඈත අහසේ වලාකුලක් මෙන් 
පෙනෙන තාරකා පොකුරු වාළාකුල් නොව ඒ
 ආකාරයට පෙනෙන්නේ තාරකා දස දහස් ගණනක 
එකතුවක් බවත් ඔහු පෙන්වාදී ඇත.ග්‍රහලෝක
 නිරීක්ෂණය කෙරෙහි දැඩි ඇල්මක් දැක්වු මොහුගේ 
ප්‍රථම අවධානය යොමුවී ඇත්තේ අපගේ චන්ද්‍රයාටය.
 ඇරිස්ටෝටේලියානුවන්ගේ පරිශුද්ධ ගෝල 
සංකල්පයට අනුව සඳයනු සුමුදු මතුපිටක් ඇති
 ගෝලයක් බවට විශ්වාස කලද ගැලීලියෝ සඳයනු
 සුමුදු 
පෘෂ්ඨයක් ඇති ගෝලයක් නොව කඩතොළු ආවාට
 වලින් පිරි පෘථිවිය බඳුවූ ගෝලයක් බවපෙන්වාදී ඇත.
ගැලිලියෝගේ මිළග අවධානය යොමුවී ඇත්තේ
 බ්‍රහස්පතීග්‍රහයා වෙතයි.ඔහු බ්‍රහස්පතීග්‍රහයාට
 චන්ද්‍රයින් 
සතර දෙනෙක් ඇති බව සොයාගත්හ. එපමණක්
 නොව හිරුට සමීපව ඇති බුධ ග්‍රහයාගේ චලිතය
 පිළිබඳවද 
ඔහු විසින් අධ්‍යයනය කර ඇති බව සඳහන්වේ.තවද
 හිරු ලප හඳුනාගත් මොහු එම හිරු ලප වසරේ 
එක් එක් කාලයන්හිදී දැකිය හැකිබව නිගමනය කර
 ඇත.පසු කලෙක ගැලීලියෝ අන්ධ භාවයට පත්වී 
ඇත්තේ දුරදක්නය මගින් සූර්යා එක එල්ලේ
 නිරීක්ෂනය කිරීම හේතුකොට ගෙන බව සැලකේ.

ගැලිලියෝ ගැලිලි
ගැලීලියෝ සිතියම් ගත කළ සූර්යය ලප
ගැලීලියෝ සිතියම් ගත කළ චන්ද්‍රයා
ගැලීලියෝ දූරේක්ෂය

ක්‍රිස්තු වර්ෂ 1655

සෞරග්‍රහමණ්ඩලයේ අලංකාර ග්‍රහයකු වන
 සෙනසුරුග්‍රහයාගේ වලලු පද්ධතියක් ඇති බවට
 මෙම 
වර්ෂයේදී සොයාගෙන ඇත. ක්‍රිස්ටියන් හයිජන් නම්
 විද්‍යාඥයා විසින් මෙලෙස සෙනසුරු වලලු පද්ධතිය
 සොයාගෙන ඇත.තවද සෙනසුරුගේ ප්‍රධාන
 උපග්‍රහයාවන ටයිටන්ද මොහු විසින් සොයාගත්තකි.
මෙය දුරේක්ෂ තාක්ෂණයේ දියුණුව පිළිබඳ
 සාක්ෂිදරයි.

ක්‍රිස්තු වර්ෂ 1663

ප්‍රථම පරාවර්තක දුරේක්ෂය නිර්මාණය වීම ක්‍රිස්තු
 වර්ෂ 1663 දී සිදුවිය.ස්කොට් ජාතික විද්‍යාඥ ජේම්ස් 
ගෙගරි විසින් මෙලෙස පරාවර්තක දුරේක්ෂය
 නිර්මාණය කර ඇත.විශාල විවරයක් සහිතව උපරිමයෙන්
 ආලෝකය ග්‍රහණයවන අයුරින් සකස් කර ඇති මෙම
 දුරේක්ෂය කාච වෙනුවට දර්පණ භාවිතාකර ඇත.
ඊට පසු පස් වසරක් තුලදී මෙම දුරේක්ෂය අයිසෙක්ට්
 නිව්ටන් විසින් වැඩි දියුණුකර ඇති බවට සැලකේ.
මෙලෙස දියුණු කර ඇති දුරේක්ෂය "නිව්ටෝනියානු"
 දුරේක්ෂය ලෙස ලොවට හදුන්වා දුන්හ.
නිව්ටෝනියන් දුරේක්ෂය
ක්‍රිස්තු වර්ෂ 1705

මෙම වර්ෂයේ දී එඩ්මඩ් හැලී නම් විද්‍යාඥයා වල්ගා
 තරු හෙවත් ධූමකේතු පිළිබඳව සංඛ්‍යාලේකන 
එක් රැස් කිරීම සිදුකරනලදී.මේ අනුව මෙම ධූමකේතු
 අවුරුදු 76 කට වරක් දිස්වන බවත්,1456 සහ
 1682 යන වර්ෂයන් දෙකෙහි දිස්වූයේ එකම
 වල්ගාතරුවක් බවත් එඩ්මඩ් හැලී විසින් ලොවට
 ප්‍රකාශ 
කොට ඇත.එසේම 1758 දී දිස්වූ වල්ගාතරුව
 "හැලීගේ ධූමකේතුව" ලෙස නම් කර ඇත.


ක්‍රිස්තු වර්ෂ 1750

නිකලස් ඩී ලැක්යිලේ විසින් සිතියම් ගතකල තාරකා
 සිතියම
ප්‍රංශ ජාතික විද්‍යාඥ නිකලස් ඩී ලැක්යිලේ විසින්
 දකුණු අහස් කුස සිතියම් ගතවිය.ඔහු දකුණු 
අහසෙහි ඇති තාරකා දස දහසකට අධික ප්‍රමාණයක්
 නම් කර නව තරු නාමාවලියක් හදුන්වා දුන්හ.
තවද හැලි සහ තවත් විද්‍යාඥයින් පිරිසක්ද මෙලෙස
 දකුණු අහස පිළිබඳ එලි දැක්වූ නාමාවලි ද 
බොහෝදුරට අංගසම්පූර්ණවේ.මෙම නාමාවලියේ
 අඩංගු ඇතැම් තාරකා වර්තමානයේද භාවිතා කරන 
නාමාවලියේ අඩංගුව ඇත.

ක්‍රිස්තු වර්ෂ1781
පියවී ඇසට නොපෙනෙන ග්‍රහලොවක් සොයා ගැනීම
 ක්‍රි.ව1781 දී සිදුවිය.එය විලියම් හර්ෂෙල් නම්
 විද්‍යඥයා විසින් තම දුරේක්ෂය ආධාරයෙන්
 සොයාගෙන ඇත.මෙම ග්‍රහලොව යුරේනස්
 ග්‍රහලොවයි.
යුරේනස් ග්‍රහලොව ප්‍රථමයෙන් ඔහු ධූම කේතුවක් යැයි
 සැලකූවද පසුව ඔහු විසින් එය ග්‍රහලොවක් බව 
සාක්ෂි සහිතව හදුන්වා දුන්හ.

ක්‍රිස්තු වර්ෂ1784

ප්‍රථම වරට තරු පොකුරු සහ නිහාරිකා අඩංගු කොට
 නාමාවලියක් එළිදැක්වීම මේ වර්ෂයේදි සිදුවිය. 
චාල්ස් මෙසියර් විසින් එළිදැක්වූ මෙම නාමාවලිය
 මෙසියර් නාමාවලිය ලෙස හැදින්වේ.මෙම
 නාමාවලිය 
ලොවපුරා ඉතාමත් ප්‍රසිද්ධ වූ අතර මෙය 21 වන සිය
 වසේදී තරු පොකුරු සහ නිහාරිකා පිළිබඳ අධ්‍යනයට
 යොදාගනී.
ක්‍රිස්තු වර්ෂ 1800

සූර්ය ආලෝක කිරණ ප්‍රිස්මයක් හරහා යවා ප්‍රිස්මය
 තුලින් වෙන්වන එක් එක් වර්ණ වලට 
අදාළ ප්‍රදේශවල උෂ්ණත්වමාන තබා එම වර්ණ වලට
 අදාල උෂ්ණත්වය මැන වර්ණාවලිය හැදෑරූ ප්‍රථම
 අවස්ථාවයි.
මෙලෙස විලියම් හර්ෂල් නම් විද්‍යාඥයා විසින් නියම
 කරණු ලැබූයේ තරුවක පිටවන ආලෝක
 වර්ණාවලියයි.එහිදී රතු අනන්තයට ඔබ්බෙන්
 ශක්තියෙහි ක්ෂනික වැඩිවීමක් දුටු ඔහු ඒ අතර
 අදෘශ්‍යමාන අධෝරක්ත කිරණ පවතින බව
 සොයාගෙන ඇත.


ක්‍රිස්තු වර්ෂ 1801
පෙර සියවසයක්දී ගුයිසෙප් පියාසි විසින්
 අගහරුත්,බ්‍රහස්පතීත් අතර පිහිටි වස්තුවක්
 සොයාගෙන 
එය සෙරස් ග්‍රහයා ලෙස නම්කර ඇත.එහෙත් කි.මි
 320 ක් විශ්කම්භයක් ඇති මෙය කිසිසේත් 
ග්‍රහලොවක් නොහැකි බව විලියම් හර්ෂල් විසින්
 පෙන්වා දී ඇත. ඔහු විසින් එය ග්‍රහකයක් ලෙස 
නම් කර ඇත.ඉන් අනතුරුව මේ කලාපයේ තිබී ග්‍රහක
 රැසක්ම සොයා ගැනිණි.නමුත් වර්තමානයේදී 
සිදුකර ඇති ගණනය කිරීම් අනුව සෙරස්ගේ සැබෑ
 විශ්කම්භය කි.මි932ක් වේ.නමුත් එය ග්‍රහලොවක්
 ලෙස සැලකීමට ප්‍රමාණවත් විශ්කම්භයක් නොවේ.


ක්‍රිස්තු වර්ෂ 1814


ලොව ප්‍රථම  වර්ණාවලීක්ෂය


ලොව ප්‍රථම නිවැරදිම වර්ණාවලිමානය හෙවත්
 වර්ණාවලීක්ෂය නිපදවීමේ ගෞරවය හිමිවන්නේ
 ජෝෂප් වෝන් ෆ්‍රරෝන්හොෆර් නම්
 විද්‍යාඥයාටයි.මොහු මෙම වර්ණාවලිමානය මගින්
 හිරුඑළියේ 
ඇති වර්ණ හදාරන විටදී වර්ණාවලිය තුල අදුරු පැහැ
 රේඛා සියයකට ආසන්න ප්‍රමාණයක් හඳුනා ගත්හ.
මෙම රේඛා පිළිබඳ වැඩි දුර අධ්‍යයනය කල මොහු
 මෙම රේඛා මඟින් සූර්යයාගේ වායුගෝලයේ ඇති මූල
 ද්‍රව්‍ය නිරූපනයවන බව1859 දී සොයාගැනින. මෙම
 වර්ණාවලීක්ෂය මඟින් තරුවක ඇති සංයුතිය 
හඳුනා ගැනීමට බෙහෙවින් යොදා ගෙන ඇත.


ක්‍රිස්තු වර්ෂ 1838

තරුවකට ඇති දුර ආසන්න වශයෙන් සෙවීමට හැකි
 ක්‍රමයක් සොයා ගැනීම මෙම වර්ෂයේදී සිදුවිය.
ෆෙඩ්‍රිරිච් බෙස්ල් නම් විද්‍යාඥයා විසින් සොයාගත්
 මෙම ක්‍රමයෙන් සිග්නි 61 නම්වූ තරුවකට ඇති දුර
 ගණනය කර ඇති බව සඳහන් වේ.


ක්‍රිස්තු වර්ෂ 1843

සූර්යය ලප චක්‍රයක් ඇතිබව මෙම වර්ෂයේ
 හෙළිවිය.හෙන් රිච් ෂේවෝබ් නම් ජර්මන් ජාතික ආධුනික
 තාරකා විද්‍යාඥයා විසින් වසර 17ක් පුරා මෙලෙස
 සූර්යයා නිරීක්ෂනය කරමින් සූර්යය ලප චක්‍රයක්
 ඇතිබවත් එම සූර්යය ලප වැඩිවිමින් අඩුවෙමින්
 නැවත් වැඩිවෙමින් යන චක්‍රයක් ආකාරයට සිදුවන
 බවත්.මෙලෙස වසර 17 කට පසු නැවත වරක් මෙම
 චක්‍රයට සූර්යය ලප දැකිය හැකි බවත් ඔහුවිසින්
 සොයා ගෙන ඇත.මෙම සොයා ගැනීමේන් සූර්යයාට
 අභ්‍යන්තරයක් ඇති බවද හෙළිවිය.


ක්‍රිස්තු වර්ෂ 1845

තාරකාවිද්‍යා ඡායාරූපකරනයේ
 (Astrophotography) උපත 1845 දී සිදුවිය.ප්‍රංශ
 ජාතික භෞතික
 විද්‍යාඥයන් වූ ජීන් ෆෝකෝල්ට් සහ ආමන්ඩ් ෆිසෝ
 විසින් ප්‍රථම වරට හිරුගේ පෘෂ්ඨය ඡායාරූප ගත 
කෙරින.දුරේක්ෂයක් ආධාරයෙන් ගනුලැබූ හිරුගේ
 මෙම සවිස්තරාත්මක ඡායාරූපය ලොවපුරා ප්‍රසිද්ධව
 ඇත.ඊට පසු ගතවූ පස්  වසර තුල තාරකා විද්‍යාඥයින්
 විසින් සඳෙහි ඡායරූප ලබාගැනීමටද සමත්ව ඇත.
නමුත් එම වකවානුවේ තිබූ දළ සේයාපටල
 සංවේදීකමින් අඩු බැවින් තාරකා සහ අනෙක් ගැඹුරු 
ආකාශවස්තු ඡායරූප ගත කිරිමට නොහැකිවී ඇත.


ක්‍රිස්තු වර්ෂ 1846

යුරේනස් ග්‍රහයාට පිටුපසින් තවත් ග්‍රහලොවක් 
ඇතිබවට ප්‍රංශයේ සිටි අර්බයින් ලිවේරියර් සහ ජෝන්
 සී
ඇඩම්ස් විසින් ගණිතානුසාරයෙන් පෙන්වීමත ජර්මන්
 ජාතික තාරකා විද්‍යාඥයකු වූ ජොහාන් ගොඩ්ෆ්‍රීඩ්
 ගෝල් විසින් නෙප්චූන් නම් ග්‍රහයා සොයා ගැනීමට
 සමත්විය.


ක්‍රිස්තු වර්ෂ 1864

විලියම් හර්ෂල් විද්‍යාඥයාගේ පුතෙකු වූ ජෝන්
 හර්ෂෙල් විසින් නිහාරිකා සහ තරු පොකුරු 5,000
 වැඩි 
ප්‍රමාණයක් ඇතුලත් තාරකා නාමාවලියක හඳුන්වාදී
 ඇත.

ක්‍රිස්තු වර්ෂ 1868

සූර්යය ග්‍රහණ අවස්ථාවකදී සූර්යයාගේ වායුගෝලය
 නිරීක්ෂණය කරමින් සිටි විද්‍යාඥයෝ පිරිසක්
 විසින් වර්ණාවලීක්ෂයේ දීප්ත විමෝචන රේඛාවක්
 සොයාගත්හ.
මෙම රේඛා කිසියම් මූල ද්‍රව්‍යක් නිසා ඇතිවන බවත්
 මෙම මූල ද්‍රව්‍ය පෘථිවිය තුල එතෙක් සොයාගෙන
නැති බවත් බ්‍රිතාන්‍ය ජාතික නොවර් ලොකියෝ පවසා
 ඇත.මොහු විසින් මෙම මූල ද්‍රව්‍ය ග්‍රීක බසින් "හිරු" 
යන අර්ථය ඇතිව "හීලියම්" ලෙස නම් කර ඇත.

ක්‍රිස්තු වර්ෂ1872

තරුවක වර්ණාවලිය ඡායාරූපයට ගත් ප්‍රථම අවස්ථාව
 ලෙස සැලකේ. වේගා තරුවේ වර්ණාවලිය 
ඡායාරූපයට ගත කරමින් ඇමරිකාවේ හෙන්රි ඩ්‍රෙපර්
 විද්‍යාඥයා විසින් තරුවක් තැනී ඇති රසායනික
 සංයුතිය වර්ණාවලියේ දිස්වන අශෝෂණ රේඛා
 මඟින් පෙන්වා දී ඇත.මේ හේතුවෙන් බොහෝ
 විද්‍යාඥයෝ තරු වල පරිණාමය කෙසේද යන්න
 පිළිබඳව සොයා බැලීමට වර්ණාවලිය යොදාගෙන ඇත.
විලියම් හයිගින්ස් නම් තාරකා විද්‍යාඥයා මෙවැනි
 අවශෝෂණ රේඛා ඇසුරින් තරුවක රක්ත 
විස්ථාපනය(red shift) හැදෑරීමෙන් තරුවක් කෙතරම්
 වේගයෙන් චලිත වෙනවාදැයි සෙවීමට උත්සාහ
 කර ඇත.

ක්‍රිස්තු වර්ෂ1877

ඉතාලි ජාතික ජියෝවානි විසින් අගහරු ග්‍රහයා
 පරීක්ෂාකරමින් සිටියදී අගහරුමත ඇති විශේෂ රේඛා
විශේෂයක් හඳුනා ගෙන ඇත.ඔහු විසින් මෙම රේඛා
 "කැනාලී" ලෙස හදුන්වාදුනි.නමුත් මොහොගේ ලිපි 
ලේඛන හා සිතුවම් පිළිබඳ අධ්‍යනය කල බොහෝ
 දෙනා සිතනු ලැබුවේ මෙම රේඛා යම් පිරිසක් විසින්
 කෘතිමව නිර්මාණය කර ඇති ඇල මාර්ග පද්ධතියක්
 බවයි.එහෙයින් අගහරු මත කිසියම් බුද්ධිමත් ජීවීන්
 කොටසක් වෙසෙන බව බොහොදෙනාගේ මතය විය.

ක්‍රිස්තු වර්ෂ1884

ඇමරිකාවේ වොෂින්ටන් හි එක් රැස්වූ තාරකා
 විද්‍යාඥයින් කාලගුණ විද්‍යාඥයි හා භූ විද්‍යාඥයින්
 ඇතුලු
 ලොව රටවල් රැසක විවිධ නිලධාරීන් විසින්
 ජාත්‍යන්තර වේලාව මැනීමට එංගලන්තයේ ග්‍රීනිවිච්
 මධ්‍යන
 රේඛාව යොදා ගැනීමට සම්මත කෙරිනි.

ක්‍රිස්තු වර්ෂ1891

අහස පිළිබඳ අධ්‍යනයේ යෙදුනු මැක්ස් වුල්ෆ් විසින්
 අහසේ ඡායරූප ලබා ගනිමින් නව ග්‍රහක රැසක් 
හදුනාගත්හ. එමගින් නව ග්‍රාහක බොහෝ සංඛ්‍යාවක්
 සොයා ගැනීමට මඟපෑදුනි.

ක්‍රිස්තු වර්ෂ1895

අදියර කිහිපයක් යටතේ අභ්‍යාවකාශ යානා පිළිබඳව
 මුලින්ම සිද්ධාන්ත ඉදීරිපත් කිරීමේ ගෞරවය 
කොන්ස්ටන්ටින් සිඔල්කොව්ස්කිටය.මෙහිදී ඔහු ගේ
 විශිෂ්ඨතම සොයා ගැනීම වන්නේ රික්තකයක්
 තුළින් වූවද ප්‍රචාලනය විය හැකි රොකට්ටුවකි.
කොන්ස්ටන්ටින් සිඔල්කොව්ස්කි



සිඔල්කොව්ස්කි රොකට්ටුවේ ආකෘතියක්

ක්‍රිස්තු වර්ෂ1901

තරු පිළිබඳව තොරතුරු අඩංගුකොට හෙන් රිඩ්‍රේප්‍ර
 නාමාවලිය එළිදැක්වීය.මෙලෙස එළිදැක්වීමේදී 
තරුවල වර්ණාවලි අනුව තරු වර්ගීකරන ක්‍රමයක්
 යොජනා කරන ලද්දේ ජ්ම් කැනන් නම් විද්‍යාඥයා
 වීසිනි.
මෙම නාමාවලි වර්තමානයේද භාවිත වේ.

ක්‍රිස්තු වර්ෂ1905

ජර්මන් ජාතික මහාචාර්ය ඇල්බට් අයින්ස්ටයින් විසින්
 තාරකා විද්‍යාවේ මහත් විප්ලවයකට තුඩුදුන් 
අවකාශ කාලය අලලා සාපේක්ෂතාවාදය හෙලිකරන
 ලදී.තවද E = mc²යන සුප්‍රසිද්ධ සමීකරණය
 මගින් ශක්තිය හා ස්කන්ධය අතර සම්බන්ධතාවක්
 පෙන්වාදුන්හ. මෙම සමීකරණය සාපේක්ෂතා
 වාදය හේතුවෙන් බිහි වූවක් ලෙස සැලකේ.

ක්‍රිස්තු වර්ෂ1906

තරුවක නිරපේක්ෂ දීප්තිය මැනීමට ක්‍රමයක්
 සොයාගැනීම සිදුවිය. මේ අනුව අපගේ ක්ෂීරපථයේ
 ඇති තරුවලින් සියයට අනූවකම නිරපේක්ෂ දීප්තිය
 හා වර්ණය අතර සම්බඳකමක් ඇතිබවද
 පෙනවාදී ඇත.මෙම සොයා ගැනීම එජ්නර්
 හට්ස්ප්‍රන්ග් විසින් ඉදිරිපත් කළ අතර 1913 දී හෙන්රි
 රසල් විසින් තවදුරටත් රූපසටහන් මගින් පෙන්වාදී
 ඇත.




ක්‍රිස්තු වර්ෂ 1916

තරුවක් නිශ්චිත ප්‍රමාණයට වඩා සංකෝචනය වූවිට
 එම තරුවේ ඇති ගුරුත්වාකර්ෂණ බලය
 ඉතා ප්‍රබල බවත් කිසියම් වස්තුවකට හෝ
 විකිරණයකට  එයින් ගැලවී ගමන්කල නොහැකි
 බවත්
 මේ අවස්ථාව කළු කුහර (Black hole) බිහිවීමක්
 බවත් ඇල්බට් අයින්ස්ටයින් සහ කාල් ෂ්වොස්විල්ඩ්
 නම් භෞතික විද්‍යාඥයින් විසින් සාපේක්ෂතාවාදය
 ඇසුරු කරගනිමින් මතවාදයක් ගොඩනැගීය.

ක්‍රිස්තු වර්ෂ 1917

ඇමරිකානු ජාතික තාරකා විද්‍යාඥ හාලෝ ෂාප්ලි
 විසින් ක්ෂීරපථය පිළිබඳ නිවැරදි අදහසක්
 එළිදැක්වීය. 
එවකට "ක්ෂීර පථය හරිමැද අපගේ සූර්යයා පිහිටා
 තිබේයයි” මතයක් පැවති අතර එම මතය වැරදි බවත්
 ක්ෂීරපථයේ මධ්‍යයේ සිට ආලෝකවර්ෂ 30,000ක්
 ඇතින් ඇති බාහුවක අපගේ සූර්යයා පිහිටා ඇති 
බවත් ඔහු විසින් පෙන්වාදී ඇත.

ක්‍රිස්තු වර්ෂ 1923

ඇමරිකානු ජාතික එඩ්විඩ් පවල් හබල් විද්‍යාඥයා
 ඇන්ඩ්‍රොමීඩා නිහාරිකාවේ ඇති විචල්‍ය තරුවක්
 හඳුනාගනී. තවද ක්ෂීරපථය තුල සියලුම මන්දාකිනි
 ඇති බවට තිබූ මතය වැරදිබවද එම චක්‍රාවාට අප
 ක්ෂීරපථයෙන් ආලෝකවර්ෂ ගනනාවක් ඉතා ඈතින්
 පිහිටා ඇති බවත්  පෙන්වාදීමට යෙදුනි.1925 
වනවිට ඔහු චක්‍රාවාට වර්ගීකරණය කරනලදී. එම
 වර්ගීකරනය හබල්ගේ “සරසුල මන්දාකිනි
 වර්ගීකරනය” 
ලෙස හදුන්වයි.

හබල්ගේ සරසුල මන්දාකිනි වර්ගීකරනය
හබල්

ක්‍රිස්තු වර්ෂ 1926

රොකට්ටුවක් නිර්මාණය කර ගුවන්ගත කිරීම
 සිදුවිය.ද්‍රව ඉන්දන යොදාගැනුණු මෙම රොකට්ටුව
 රික්තකයක් තුලින්ද ගමන් කල හැකිය. මෙම
 රොකට්ටුව රොබට් ගොඩාඩ් විසින් නිර්මාණයකල 
අතර පසුව ඔහු විසින් නිපදවූ  අනෙක් රොකට්ටුව
 ශබ්දයේ වේගය ඉක්මවා යයි.වර්තමානයේ භාවිතා
 වන රොකටුද මොහුගේ රොකට් පිළිබඳ නියමයට
 අනුව නිපදවයි.


රොබට් ගොඩාඩ් ඔහු නිර්මාණය කල රොකට්ටුව සමඟ

ක්‍රිස්තු වර්ෂ 1929

චක්‍රාවාට එකිනෙකින් ඈත්වන බවත් .එනම් විශ්වය
 ප්‍රසාරණය වනබවත් ඇතින් ඇති චක්‍රාවාට වඩා 
වේගයෙන් අපෙන් ඉවතට ගමන් ගන්නා බවද එඩ්විඩ්
 පවල් හබල් සොයාගත්හ.එය හබල් නියතය ලෙස
 ලොවට හදුන්වාදුනි. හබල් විසින් මේ පිළිබඳව
 වැඩිදුරටත් වර්ණාවලිය මගින් අධ්‍යනයේ යෙදුන අතර
 විශ්වයේ ආයු කාලය වසර බිලියන 15 ක් පමණවන
 බව ප්‍රකාශකර ඇත.ඉන් වසර දෙකකට පසුව  
 විශ්වයේ ප්‍රසාරණයෙහි මුල මහා පිපිරුමක් බව
 ජෝර්ජ්ස් ලෙමයිටේ විසින් පෙන්වාදෙයි. ඒ
 ඇසුරෙන් 
මහා පිපුරුම් වාදය ගොඩ නැගින.


ක්‍රිස්තු වර්ෂ 1930


දසවැනි ග්‍රහලොව එනම් ප්ලූටෝ සොයා ගැනීමේ
 ඓතිහාසික සංසිද්ධිය සිදුවිය. ඇමරිකානු ජාතික 
කලයිඩ්ස් ටොම්බා විසින් අරිසෝනාහි ඇති ලොවෙල්
 නිරීක්ෂණාගාරයේදී   ප්ලූටෝ සොයාගැනීමට 
සමත් විය.නමුත් වර්තමානයේ ප්ලුටෝ ග්‍රහලොවක්
 ලෙස සලකණු ලබන්නේ නොමැත.එය වාමාන ග්‍රහ
 තත්වයේ පවතින අතර ප්ලූටෝ වාමාන ග්‍රහයා ලෙස
 නම්කරයි.


කලයිඩ්ස් ටොම්බා

සුබ්‍රමනියන් චන්ද්‍රසේකර් නම් වූ ඉන්දීය තාරකා
 විද්‍යාඥයා තරුවක වාමාන අවස්ථාව හඳුන්වා දුනි.
කිසියම් තරුවක ස්කන්ධය 1.44ට වඩා වැඩිවූවිට එම
 තරුව පිපිරී අවසානයේ සුදු වාමාන තරුවක් බවට
 පත්වන බවට ඔහු විසින් ප්‍රකාශකර ඇත. 1933 දී
 සිදුවූ මෙවැනි පිපිරුමක් ඇසුරින් නියුට්‍රෝන තරුවක් 
බිහිවන බව වෝල්ටර් බාඩී සහ ෆරීට්ස් ස්වික් විසින්
 ප්‍රකාශකර ඇත.

ක්‍රිස්තු වර්ෂ 1932

රේඩියෝ තාරකා විද්‍යාව කාල් ජැන්ස්ක් නම්
 විද්‍යාඥයකු විසින් ලොවට හදුන්වා දෙයි.මොහු විසින් 
අභ්‍යාවකාශයේ සිට  පැමිනෙණ  රේඩියෝ තරංග 
ප්‍රථම වරට හදුනා ගෙන ඇත.සුර්යයාගෙන් පැමිණෙන
 රේඩියෝ තරංගද මොහු විසින් හදුනාගත්හ.ඉන් වසර
 7කට පසුව කැබ් නිහාරිකාව ,M 87 හා 
සෙන්ටෝරස් A යන වස්තූන්ගෙන්ද පැමිණෙන
 රේඩියෝ තරංගද මොහු විසින් හදුනා ගැනීමට
 සමත්විය.

ක්‍රිස්තු වර්ෂ 1938

ජර්මන් ජාතික තාරකා භෞතික විද්‍යාඥ හෑන්ස් බීත්
 විසින් තරුවක ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය පිළිබඳ
 අදහස් ඉදිරිපත්කරයි. තරුවක් න්‍යෂ්ටික විලයන
 ප්‍රතික්‍රියාවක් සිදුකරන බව පෙන්වාදුන් අතර  හඩ්‍රජන් 
හීලියම් බවට පත්වීමේදී විශාල ශක්තියක්ද නිකුත්
 කරන බව සොයාගෙන ඇත.මෙහිදී තරුවකට අවුරුදු
බිලියන ගණනාවක් පුරා ශක්තිය නිපදවිය හැකි බවද ඔහු පෙන්වාදුනි.

ක්‍රිස්තු වර්ෂ 1944

ප්‍රථම බැලැස්ටික මිසයිලය  නිපදවනු ලැබීය.V2 ලෙස
 මෙය හැදින්වු අතර මේ සඳහා රොකට් තාක්ෂණය
 යොදාගත්හ. මෙය වර්නර් බ්‍රෝන් ප්‍රමුඛ පරමාණු
 විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් නිපදවූහ.
මේ කණ්ඩායම දෙවන ලෝක යුද්ධයෙන් පසු අත්
 අඩංගුවට ගැනුණු අතර ඇමරිකානු හා රුසියානු
 රොකට් තාක්ෂණ කටයුතු සංවර්ධනයට මොවුන්ව
 යොදාගෙන ඇත.

V2 රොකට්ටුව

ක්‍රිස්තු වර්ෂ 1948

ලොව විශාලතම දුරේක්ෂයවන හේල් දුරේක්ෂය
 කැලිෆෝනියාවේ පැලෝමර් කන්දෙහි ක්‍රියාත්මක 
කෙරිණ.මෙම දුරේක්ෂයේ දර්පණය මීටර 5.1
 විශ්කම්භයකින් සමන්විතවන අතර මෙහි උස මීටර
 1713 වේ.

හේල් දුරේක්ෂය