අප පසු කරමින් සිටින්නේ ඉතිහාසයේ කවරදාකවත් නොවූ විරු තරම් වේගයකින් ලෝකයේ තාක්ෂණ මෙවලම් හා සන්නිවේදන හැකියාවන් දියුණු වන යුගයකයි.අද වන විට අන්තර්ජාලය හරහා ඉතා අඩු මුදලක් වැය කර ලෝකයේ ඕනෙම අයෙක් හා මුහුණට මුහුණ බලාගෙන කතා කිරීමට ගත වෙන්නේ තත්පර කිහිපයකි. සමාජ සම්බන්ධතා ජාල හා Video chat පහසු කම් සපයන skype වැනි මෘදුකාංග මගින් මානව සමාජයට සබදතා පැවැත්වීම සදහා ලබා දී ඇති පහසුව කියා නිම කල නොහැක.නමුත් අවාසනාවට කරුණ වන්නේ තාක්ෂණ දියුණුවේ වේගයටත් වඩා වැඩි වේගයකින් අනිත් පැත්තෙන් සැම රටකම පාහේ සමාජ සංස්කෘතින් වල පල්ලට යාමයි.මිනිසුන් මෙම නවීන තාක්ෂනයන්ගෙන් නිසි ප්රයෝජන ගන්නවා වෙනුවට අද සිදු කරන්නේ වෙනත් දෙයක් වීම ඇත්තටම කණගාටුවට කරුණක්.